ටිරොනි වෑවලගේ - Tironi Wewalage
අපි උසාවි දාන සේරම වාසිත නිදහස් කර ගත්තා. ඒ වෙද්දි වාසිතට හොඳ ජූනියර් ලෝයර්ස්ලා ටීම් එකක් හැදිලා තිබුණා. මාලිම්බඩ සුභාෂ්ලද, දකුණේ අමිල්ගෙ සෙට් එකද, මරදානේ කැඳ ඉම්රාන්ද මේ හැමෝම නඩුවලට ආවේ වාසිත ළඟට තමයි. එතන තිබුණේ හරියට ද්වන්ද යුද්ධයක් වගේ. මගේ ප්‍රධාන එදිරිවාදියා වුණේ වාසිත.” - නිසල් ජයවර්ධන "ගාඩ් එක දීපු තරමට මම නම් හිතුවෙම කර ගහයි කියල.. නාකොටික් මාරයා මගේ අඹුදරුවො රකිනවා කියලා රටම දැනගෙනනෙ හිටියෙ..' - වාසිත වර්ණකුලසූරිය සෑම දරුවෙකුටම තාත්තා කෙනෙකුගේ අයිතියක් හිමිවිය යුතුය. විශේෂයෙන් දියණියකට තාත්තා කෙනෙක් උරුම විය යුතුමය. ඉදින් මම මගේ තාත්තා තෝරා ගනිමි