Bindubu Samanala Hadawatha - බිඳුණු සමනළ හදවත

Bindubu Samanala Hadawatha - බිඳුණු සමනළ හදවත

Ruwini Thalpavila - රුවිනි තල්පවිල

LKR 350.00
Out of Stock
Out of Stock
Description

බිඳුණු සමනල හදවත ජොන් දොමිනික් බොබි පරිවර්තනය - රුවිනි තල්පාවිල ...එක් වරක් ඇසිපිය සැලීම ‘‍ඔව්’‍ යන්නත්, දෙවරක් සැලීම ‘‍නැත’‍ යන්නත් මේ අදහස් හුවමාරු කර ගැනීමේ මුල් පදනමයි. ප්‍රංශ හෝඩියේ (ඉංග්‍රීසි හෝඩියමය) සියලු‍ම අකුරුවලට අංකයක් ලබා දී, විශේෂයෙන්ම වැඩි වශයෙන් භාවිතා වන E S A R I N T U L අකුරු සංඛ්‍යා ගත කර, ඒ සංඛ්‍යා අනුව ඇසිපිය සැලීම පොත ලියන්නට ඩොමිනික් සහ Claude Mendivil යොදා ගත් උපක්‍රමයයි. මා වටහා ගත් ආකාරයට නම්, උදාහරණයක් ලෙසින් T අකුරට හිමිව ඇත්තේ අංක 10 නම් ඩොමිනික් විසින් සැලිය යුතු ඇසිපිය ගණන 10කි. සෑම දිනකම අලු‍යම හතරට රෝහල් කාමරයේ අවදි වන ජොන් දොමිනික් තම හෙදි සහයිකාවගේ උපකාරයෙන් පැය හතරක කාලයක් පුරා පොත ලියන්නට පටන් ගත්තේය. රෝගියා ඇසිපිය සලන වාර ගණන ගණන් කර, ඒ හා සැසඳෙන හෝඩියේ අකුර සටහන් කර ගන්නා ඇය නිසි වචනය ගොඩ නැගුවාය. මේ ආකාරයෙන් එක වචනයක් ලියන්නට ගත වුණු කාලය විනාඩි හතරකි. පිටු 144 ක කුඩා පොතක් වුවද එය නිම කර ගන්නට ගත වුණු කාලය සිව් වසරකි. තවත් ආකාරයකින් කියන්නේ නම් Le Saphandre et le Papillon පොත ලියවී ඇත්තේ 200000ක වාරයක් ඇසිපිය සැලීමෙනි.

Related Books

ක්ෂීර සාගරය කැලඹිණ
Novels
ක්ෂීර සාගරය කැලඹිණ

Simon Navagattegama - සයිමන් නවගත්තේගම

LKR 700.00
වැද්දෝ10%
Novels
වැද්දෝ

Dayananda Binaragama

LKR 1,570.00LKR 1,750.00
ජැමයිකා තානායම
Novels
ජැමයිකා තානායම

Daphne Du Maurier

LKR 1,500.00
සෙවණැල්ල සේ
Novels
සෙවණැල්ල සේ

ප්‍රදීපිකා සිරිවර්ධන - Pradeepika Siriwardhene

LKR 720.00