
ගාවේද් රඛිත රාජපක්ෂ - Gaveed Rakhitha Rajapaksha
“ර්... ඊයාහ්... ඊ... රියා...” වැටෙනා හුස්මේ ගැස්ම ටිකෙන් ටික ශේෂ වී යන සුයාමයේ මා වියළී ගිය දුර්වල දෙතොල් සොලවා ආමන්ත්‍රණය කළේ කිසිවක් බලාපොරොත්තු නොවීම මා හට පණ මෙන් ප්‍රේම කළා වූ ඇයට ය... "යූ... යූ කියන්න රත්තරනේ..! ම්... මං ඉන්නවා... ඔයා ළඟින්ම, ඔයා එක්කම... මං ඉන්නවා යූ..." මාගේ හඬ සවන් වැකෙත්ම ඇයගෙන් ලද ප්‍රතිචාරයට හදවත මොහොතකට සිර වී ගියාක් වැනි ය.. ඇය තවමත් එක ලෙසම මා හට ප්‍රේම කරන බව වටහා ගැනීමට ඒ එක් වචනයක් ප්‍රමාණවත් ය... "ම්... මං... මං... අආදරෙයි...” අවසන් හුස්ම පොද වා තලයට මුසු වීමට පෙර මා ද ඇයට බොහෝ සේ ප්‍රේම කරන බව පැවසිය යුතු වූයෙන් ශරීරයේ ඇති අවසන් ශක්තියත් එකට මිටි කර ගත් මා ඇසෙන නෑසෙන ලෙස එලෙස පැවසූවේ ද්වාරයට එපිටින් සිටි ඇය මහ හඬින් හැඬීමට පටන් ගද්දී ය...