
Maksim Gorky | මක්සිම් ගෝර්කි
මක්සිම් ගෝරකිගේ අම්මා නවකතාව තරම්ම පොදු ජන ජීවිතය කෙරෙහි බලපෑ තවත් සාහිත්‍ය කෘතියක් ජගත් සාහිත්‍යයේ නැති තරම් ය. එය දස ලක්ෂ සංඛාත ජනකායකගේ ඉරණම කෙරෙහි නියම ලෙස බලපෑවේය. 1905 පළමු වැනි රුසියානු විප්ලවීය ඇති වු කාලයේ දි ලියන ලද මෙම නවකතාව, ලෝක වාසින් අතර ඉතාමත් ජනප්‍රිය විය. විදේශිය භාෂාවන් 127 කින් සහ සෝවියට් සමාජවාදි සමුහාණ්ඩු සංගමයට අයත් ජාතීන්ගේ භාෂාවලින් ද ‘අම්මා’ පළ වී ඇත. එහි පිටපත් සංඛාව කෝටියකට අධිකය. කතාව ලවීම සඳහා ගෝර්කි ආදර්ශ රූප වශයෙන් ගත්තේ අන්නා කිරිලොව්නා සලෝමොවා සහ ප්යොතර් ස්ලෝමොව්ය. මේ දෙදෙනාගේ ජායාරූප හා ගෝරකිගේ ජායාරූප ද ලියවිලි ද මෙයට ඇතුළත් ය.