
Siththi Sarfana | සිත්ති සර්ෆානා
ආත්මයක් පාසා එන ඔහුගේ සුවද, ඔහුගේ පහස... කඳුළු වැඩිවුණා ද්වාරිගේ ඇස්වල. හිස නොඔසවාම හිස මත වූ ඔහුගේ දෑත ගෙන දෙතොලට තදකර ඈ, දැඩි සීතලක් දැනුණත් උමතුවෙන් සිපගත්තා ඔහුගේ දෑත. "මං දිහා බලන්න රත්තරන්...” ඔහුගේ වචනත් සමග මිශ්‍රව ඇසුණේ ඉකිබිඳුමක්. සීතල දෑත පපුවට තද කරගෙන ඈ හිස එසවූවා, දෙනෙත් පියාගෙනම. "සුදු නෝනා... මගේ රත්තරන්...” වචන නෑ පිටවෙන්නේ ද්වාරිගේ මුවින්. කඳුළු ගලන නෙත්වලින් ඈ බලා උන්නා සඳීවි දෙස. මං ආවා මගෙ දෝණි. අඬන්න එපා මගෙ රත්තරන්...” අනිත් අතත් කවුළුව තුළින් යැවූ සදීව් ඇගේ හිස අතගෑවේ උතුරා යන ආදරයක් නෙත් තුළ රඳවාගනිමින්. ''ම... මං... මං...” ද්වාරීට බෑ කතා කරගන්න. ''මට සමාවෙන්න රත්තරන් මෙච්චර කල් නාවාට, මගේ පණ, ඔයාව අමතක කරලා නෙවෙයි මගේ දෝණි...” "දු... දුක් වින්දා ම... මං ගොඩක්. හැම තැනම හෙව්වා මං පිස්සියෙක් වගේ අවුරුදු හතරක්.” " අඬන්න එපා මගේ වස්තුවේ...” "මං... මං... මං ඔයාගේ ඔ... ඔයාගේ පූජා, සදීව්...”
මහගම සේකර - Mahagama Sekara | මහගම සේකර - Mahagama Sekara
V. Sutheyew - වි. සුතේයෙව් | V. Sutheyew - වි. සුතේයෙව්
Pramela Neranjana | Pramela Neranjana