දයා ඩි. ෆොන්සේකා - Dayaa D. Fonseka
බිත්තියෙන් ඈත කෙළවරක අඩ අඳුරේ සිට ඔවුන් වෙත ආවේ වැහැරුණු මුහුණක් ඇති උස පුද්ගලයෙකි. ඔහු ආලෝකය දෙසට කෙමෙන් කෙමෙන් ළං විය. ඔහුගේ මුහුණ දුටු ජෝට අදහාගත නොහැකි පුදුමයක් ඇති විය. ඔහු විශ්වාස කළ නොහැකි අයුරින් ඒ මිනිසාගේ මුහුණ දෙස බලා සිටියේය. ‛මොටිමර් ප්‍රින්ස්” නිව්යෝක්හිදී ෆ්‍රෑන්ක් හා ජෝට මුණගැසුණු ඉබාගාතේ යන හිඟන්නාය.