ලැන්ටන් සිල්වා - Lanton Silva
පරිණත ශල්‍ය වෛද්‍යවරයකු වූ විජය, හතේ වාට්ටුව භාරව කටයුතු කරමින් සිය කනිෂ්ඨ වෛද්‍යවරුන්ට උපදෙස් ලබා දෙන්නේ අසරණ ගිලනුන්ට සත්කාර කිරීම සිය වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් කැප නොකරන ලෙසටය. එසේම ඔහු ඕනෑම අයකුට වෛද්‍යවරයෙකු වීමට ඇති අයිතිය නොවලහා ආරක්‍ෂා කිරීමට හුදකලා සටනක් ගෙන ගියේය. හසිත හා සරලා යන නව යොවුන් වියේ පසු වූ කනිෂ්ඨ වෛද්‍යවරයා හා වෛද්‍යවරිය ඔහුට අත්වැලක් මෙන්ම මනස උපේක්ෂාවෙන් තබා ගැනීමට ද පිටිවහලක් ලබා දුන් බව ඔහු විශ්වාස කෙළේය.