Girimekala | ගිරිමෙඛලා

Girimekala | ගිරිමෙඛලා

Wathsala Balasooriya | වත්සලා බාලසූරිය

LKR 1,020.00LKR 1,200.00-15%
Out of Stock
Out of Stock
Description

“මම කවුද, කොහෙන් ආපු එකෙක්ද කියා නොදැන මට ළං වෙන්ඩ බය නෑ? ‘’ ගිරිමේඛල සැහැල්ලු බැල්මකින් බැලුවාය. “මට එව්වා හිතන්ඩ මතක් වුණේ නෑ. වෙදකමට ඒවා අදාළ නෑ නෙව…" කුමාරයාට හිනාවක් නැගිණි. “එතකොට මේ වෙදකමක්ද?” “නැතුව…… ආදරේ තරම් දෙන්ඩ පුළුවන් ‌හොඳ වෙන බෙහෙතක් තියෙනවද, මනුස්සයෙක්ට?” ගිරීමේඛල කියන්නේ බොරු නොවන වග කුමරු දන්නේය. කොහොම වෙතත්, රටේ මහරජ්ජුරුවන්ගේ පුත්‍රයා තමාට උමතුවෙන් මෙන් ආලය කරන වග දැනගන්නා මොහොතේ ගිරිමේඛල නම් පුදුම වන වග කුමරු දැන උන්නේය. ගිරීමේඛල ආයෙමත් අනෙක් පස හැරුණාය. කුමරුගේ අතක් ගෙන තමා වටේට වෙළා ගත්තාය. “මට කවදාවත් බැරිවෙයි අමතක කරන්ඩ…” ගිරිමේඛල අඩවන් වූ දෑසින් කෙඳිරුවාය. නිදිබර හඬ තුළ තිබුණේ අමුතුම අලංකාරයකි, ශෘගාරයකි. “මොකක්ද?” “ඒ මොහොත… ඒ විල… මේ රෑ… ඔයා… මම මළත් දවසක ඔය විල ගොවට එනවා උඹ හොයාන. ඉන්ඩ ඇහැකිද මම එනකන්?” ගිරිමේඛල නිදිමතේම කෙඳිරුවාය. “මේ ලෝකෙ ඕනෙ දිය තොටක උඹ එනකන් බලන් ඉන්න ලෑස්තියි මම…" කුමාරයාද යාන්තන් කෙඳිරිගෑවේය.

CategoryNovels
LanguageSinhala
ISBN9786246178215

Related Books

රොක් පේපර් සිසර්ස් | Rock Paper Scissors10%
Out of Stock
Novels
රොක් පේපර් සිසර්ස් | Rock Paper Scissors

Madhara Abeysinghe

LKR 1,440.00LKR 1,600.00
රහසක් | Rahasak10%
Out of Stock
Novels
රහසක් | Rahasak

Madhara Abeysinghe

LKR 1,750.00LKR 1,950.00
කූනිය කින්නි – Kuniya Kinni15%
Novels
කූනිය කින්නි – Kuniya Kinni

දිල්රුභා සෙව්වන්දි - Dilrubha Sewwandi

LKR 1,280.00LKR 1,500.00
The Red Note | අවසන් රතු නිවේදනයNew11%
Out of Stock
Novels
The Red Note | අවසන් රතු නිවේදනය

Malshan Walimunige - මල්ෂාන් වලිමුණි

LKR 1,180.00LKR 1,320.00