
Rashmika Mandawala - රශ්මික මණ්ඩාවල
දුපත වටා ඇති දිනෙන් දින වියැකී යන කොරල්පර ගැන දැඩි ඇල්මකින් කටයුතු කරන සාගර විද්‍යාඥයෙකු වන සල්ගාදු මහතාගේ නිවසේ මෙහෙකාර කොල්ලෙකු ලෙස වයස අවුරුදු දොළහේදී ට්‍රයිටන් සේවයට පැමිණෙයි ට්‍රයිටන් එතුවක් දැක තිබූ විශාලතම නිවස එයයි. ලෝකය පුරා සිටින අය ඔවුන්ගේ දේවල් විකුණන්නට කතාබහ කරන්නට ජීවත් වීමට මෙහි පැමිණෙති ඔවුන්ට අනුව ජීවිතය පවතින්නේ මෙතැනය ඉර පවා ගරාජය දෙසින් නැග විත් දෙල් ගස දෙසින් රාත්‍රියේදී බැසයයි එහෙත් සල්ගාදු මහතාගේ නිවසින් එපිට බිඳී යන ලෝකයක් පවතී ට්‍රයිටන් මිනිසෙකු විය යුත්තේ එම ලෝකයේය."